හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (11) නියෝග කළේය .
ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්රකාශයට පත්කරන බවත් කොළඹ කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර ප්රකාශ කළේය.