ලෝක විවාහක රූ රැජිණ කිරුළ තායිලන්තය දිනාගනී .

අමෙරිකාවේ පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්විය . මෙම තරගය සඳහා රටවල් 60 ක් නියෝජනය කරමින් රූ රැජිණියන් තරග වැදුනි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් තෙවන ස්ථානය දිනාගැනීමට සමත්වූවාය. සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවුණා.