පාසැල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීමට යයි.

වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතිබව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් පැවසූවාය .

මේ වන විටත් ඊට අදාල සාකච්ඡා ආරම්භ වී ඇති බවත්, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවට රාජය යොජනාවක ඉදිරිපත් කර ඇති බවත් ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව ඇති බවත් ඇය පවසන්නීය .

ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය.