දකුණු කොරියාව පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ එකඟතා උල්ලංඝනය කළ බවට ඇමරිකාව චෝදනා කරයි . ඒ අනුව එරටින් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා වන තීරුබදු 25% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම මගින් නිවේදනය කර ඇත්තේ, මෝටර් රථ, ඖෂධ සහ දැව ඇතුළු ප්‍රධාන භාණ්ඩ රැසක් සඳහා මෙතෙක් පැවති 15%ක බද්ද 25% දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී දකුණු කොරියාව ඇමෙරිකාව තුළ ඩොලර් බිලියන 350 ක ආයෝජනයක් කිරීමට එකඟ වුවද එය අපේක්ෂිත පරිදි ඉටු නොවීම නිසා මෙම තීරණය ගෙන ඇත .
සෝල් ව්‍යවස්ථාදායකය එම ගිවිසුමේ කොන්දේසි නිසි පරිදි ඉටු නොකිරීම මෙම දැඩි තීරණයට හේතුව වී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට නිල වශයෙන් දැනුම් දී නොමැති බව දකුණු කොරියාව පවසනවා.