මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කර තිබේ . මේ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් හමුවී උන්වහන්සේලා දැනුවත් කර ඇත .
මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි.