දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැණු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඊයේ අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව ඇතිබව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහු යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් ලෙසින් හඳුනාගෙන ඇත .
ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයා ගෙන ගන්නට පොලිසිය සමත්ව ඇත .
මෙම වෙඩි තැබීම දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත . සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ වෙත අද (24) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.