විගණකාධිපති කෙනෙක් නෑ. වැඩබලනත් කෙනෙක් නෑ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයෙක් හෝ එම ධූරයේ වැඩබැලීම සඳහා කෙනෙකු නොමැතිවීමෙන් ජාතික විගණන කාර්යාලයේ කටයුතු මෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටුවල කටයුතුද අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

විගණකාධිපතිවරයෙක් හෝ එම ධුරයේ වැඩබැලීමට කෙනෙකු පත් නොකිරිම නිසා ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරනා බාහිර විගණන කටයුතු පමණක් නොව එහි අභ්‍යන්තර පරිපාලන කටයුතුද මේ වන විට අඩාලව ඇතිබව වාර්තා වේ .

ඊට අමතරව පාර්ලිමේන්තු කමිටුවන කෝප් සහ කෝපා කමිටු දෙකේ ක්‍රියාකාරිත්වයටද මෙම තත්ත්වය දැඩි බලපෑමක් ඇතිකර ඇති බවත් , එම කමිටු සඳහා සහභාගීවීමට ආරාධනා කිරීමට විඝණකාධිපතිවරයෙක් හෝ වැඩබලන විගණකාධිපතිවරයෙක් නොමැතිවීම නියෝජ්‍ය විගනාකාධිපතිවරයෙක් ඒ සඳහා කැඳාවීමට සිදුව ඇතිබවත් වාර්තා වේ.

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපති අනුර දිසානායක විසින් නම්කළ නියෝජිතයා අවස්ථා ගණනකදීම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනා ලදි . ජනාධිපතිවරයා විගනකාධිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ නැති බාහිර පුද්ගලයෙක් එම තනතුරට පත්කිරීමට උත්සහ ගැනීමාත් සමග මෙම තත්ත්වය ඇතිවිය .