වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍යය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනයන් යටතේ පවතින ඉඩම් සහ දේපොළ අතරින් හඳුනාගනු කොටසක් පෞද්ගලික අංශයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
නිසි ලෙස සංවර්ධනය නොකළ සහ නිසි ප්‍රයෝජනයක් නොගත් ඉඩම් ආයෝජන සඳහා පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමට 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය අනුව මෙලෙස ලබාදෙන බව වාර්තා වේ