පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලෙස සේවය කළ තැනැත්තන් බව දක්වා බාහිර පුද්ගලයන්ට වැටුප් හා දීමනා ගෙවන බව දක්වමින් එම මුදල් සිය බැංකු ගිණුම්වලට බැර කරගැනීමේ චෝදනාව යටතේ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ උදවියට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ කැඳවනු ලැබීය .
එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වූ ඔහුගේ නීතීඥවරු තම සේවාදායකයා පිටකොන්දේ සැත්කමකට ලක්වීම නිසා නඩු විභාගයකට මුහුණදීමට තරම් ප්‍රමාණවත් සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටින බව වෛද්‍ය වාර්තා මගින් කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත .
එම වාර්තා සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නඩුව පෙබරවාරි 13 දා කැඳවීමට නියෝග කළේය.
හිටපු ඇමැතිවරයාට අමතරව ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, වැඩිමහල් දියණිය අමාලි රඹුක්වැල්ල හා සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා නමැති තැනැත්තියට විරුද්ධව මෙම නඩුව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පවරා ඇත.
.