වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල පවසයි .
පුද්ගලයින් ගෙනයන ඩ්‍රෝන යානා සහ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යනා යන ඛාණ්ඩ දෙකකට වෙන්කර සිවිල් ගුවන් සේවා අධිකාරිය ඩ්‍රෝන යානා නියාමනය කරනා බව ඔහු වැඩි දුරටත් පැවසීය. එකී යානා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විධිමත් ආකාරයෙන් ගුවන් ගත කිරීම සඳහා හඳුන්ව දී ඇති රෙගුලසි මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඔහු පැවසීය .
වැඩි දුරටත් අදහ්ස් දක්වමින් ඔහු මෙලෙස පැවසීය.
”අපි මේක කලින් හඳුන්වා දුන්නේ වසර දෙකකට කලින්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙහි කොටස් වර්ග කිහිපයක් තියෙනවා . ග්‍රෑම් 250 සිට කිලෝ ග්‍රෑම් 25 දක්වා කොටස, ඊට පහළට වෙන්න සෙල්ල බඩු කියන වර්ගයට වැටෙන ඒවා අපි නියාමනය කරන්නේ නැහැ . එවා ආනයනය කරනවාට වෙනම රෙගුලාසි තියෙනවා ඒවට අනුකූලව කරන්න පුළුවන්.”