ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. .
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ . වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනව.
මෙම වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 59 වැනි වියේ පසුවූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.