සාගර් බන්ධු මෙහෙයුම – ඉන්දියාව දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දෙයි

ශ්‍රී ලංකාවේ වෙරළ ආසන්නයේ හට ගත් ගැඹුරු පීඩන අවපාතයක් හේතුවෙන් දිට්වා සුළි කුණාටුව 2025 නොවැම්බර් 27 වන දින වඩාත් දරුණු වූ අතර නාය යාම් ද වාර්තා විය. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක රැසක අධික ගංවතුර, නායයාම් සහ අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධාවන් තවදුරටත් පවතින බව වාර්තා වේ. සුළි කුණාටුව නැගෙනහිර, මධ්‍යම ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට  ධාරාණිපාත වැසි සහ දරුණු සුළං ඇති කරමින් නිවාස, ජීවනෝපාය මාර්ග සහ වැදගත් යටිතල පහසුකම් රැසකට හානි සිදු කර ඇත.

2.         මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ස‍ඳහා ක්‍රියාත්මක මානුෂීය සහය සහ ආපදා සහන ප්‍රයත්නයන්ට කඩිනමින් සහයෝගය ලබා දෙමින් වහාම ශ්‍රී ලංකාවට සහනාධාර සහ සහයෝගය ලබා දීමට ඉන්දියාව කටයුතු යොදා ඇත. මේ අනුව සාගර් බන්ධු මෙහෙයුම දැන් ක්‍රියාත්මක කර ඇත. මේ වන විට ටොන් 4.5ක වියළි සලාක සහ ටොන් 2ක වියළි සලාක ලබා දී ඇති අතර එයට ප්‍රධාන ආහාර ද්‍රව්‍ය, පැකට් කළ ආහාරයට ගත හැකි අයිතම, කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ බේකරි නිෂ්පාදන, පාන වර්ග සහ නිවෙස්වලට අත්‍යාවශ්‍ය අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය ඇතුළත් වේ. මෙයට අමතරව, අවශ්‍ය අනෙකුත් අයිතම ද ලබා දෙන ලදී. මෙම ද්‍රව්‍ය දැනට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන INS වික්‍රාන්ත් සහ INS උදේගිරි නෞකාවන් විසින් භාර දෙන ලදී.

3.         මෙම අභියෝගාත්මක මොහොතේදී, ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ රැඳී සිටියි. සිය “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දක්වන නොසැලෙන කැපවීම අනුව ඉන්දියාව මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට සම්පූර්ණයෙන්ම කැප වී සිටියි. තත්ත්වය වර්ධනය වීම හමුවේ ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ උපදෙස් මත ඔවුන් හා සම්බන්ධීකරණය වෙමින් තවදුරටත් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇත.

4.         ඉන්දියාව මෙම ස්වභාවික ව්‍යසනයට මුහුණ දීම සහ කඩිනමින් යථා තත්ත්වයට පත් වීම ස‍දහා ශ්‍රී ලංකාවට සිය අචල කැපවීම යළි අවධාරණය කරයි.