වසරක් තිස්සේ අධිකරණය මග හරිනා බැසිල්ගේ වෛද්‍ය වාර්තා පරස්පරයි .

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (21) දිනයේ ශ්‍රි ලංකාවට පැමිණීමට ගුවන් බලපත්‍ර වෙන්කර පසුව ඒවා අවලංගු කිරිමට කටයුතු කර තිබෙන බව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි අද ප්‍රකාශ විය .

අයතා ලෙස උපයාගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්ස් හිල්ස් ප්‍රදේශයේ ඉඩමක් මිලදි ගැනිමේ සිදුවිම සම්බන්ධ නඩුව කැඳවු අවස්ථාවේදී මේ කරුණ අනාවරණය විය

මෙම නඩුවේ වඟඋත්තරකරුවන් වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පති ඇගේ සැමියා වන තිස්ස ගලප්පත්ති හා මුදිත ජයකොඩි යි.

නඩුව කැඳවු අවස්ථාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පති අධිකරණයේ පෙනි නොසිටි අතර ඔවුන්ගේ ඇපකරුවන් විවෘත අධිකරණයේ පෙනිසිටිනා ලදි .

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා කිහිපයක් ඇතුලත් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළේය

එම වෛද්‍ය වාර්තා අධ්‍යනය කල නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටි නීතිඥ ලක්මිණි ගිරිහාගම සැකකරුගේ රෝගී තත්ව පිළිබඳ වෛද්‍ය වාර්තාවල පරස්පර කිහිපයක් පෙන්වා දෙනු ලබීය .