බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම නියමකර තිබේ.
ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කිරීමේදී ඇය විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවී තිබූ චෝදනාව සම්බන්ධයෙනි.
ගැටුම් වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි වැරදි සිදුකිරීම වෙනුවෙන් ඇයට දඬුවම් ලබාදී තිබේ.
ඇය පහළොස් වසරක් තිස්සේ බංග්ලාදේශය පාලනය කළ අතර, 2024 විරෝධතා හමුවේ බලය අත හැර පලාගියාය. එකී අරගලය මර්ධනය කිරීමේදී ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මිය යන ලදි .