කාගීල්ස් සුපිරි වෙළඳ සැල් ජාලයේ ත්‍යාග වවුචර් නිකුත් කිරීම අත් හිටවයි. සිස්ටමුත් වැට්ලා

ප්‍රකට සුපිරි වෙළඳ සැල් ජාලයක්වන කාගීල්ස් හී ත්‍යාග වවුචර් නිකුත් කිරීම ඇණ ඇති බව වාර්තා වේ. එම තත්ත්වය නිසා ත්‍යාග වවුචර් ලබගනු වස් කාගීල්ස් වෙත යන පාරිභෝගිකයන් බරපතල අපහසුතාවලකට ලක්වෙන බව පාරිභෝගිකයෝ පවසති .

එහි අභ්‍යන්තර පරිඝණක පද්ධතියේ සිදුව ඇති බිඳ වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව ආයතනයේ ශාඛා කළමණාකරුවෝ පවසති .

මෙම තත්ත්වය නිසා කාගීල්ස් වෙළඳ සැල් අතහැර වෙනත් සුපිරි වෙළඳ සැල් ජාලවෙත ගොස් ත්‍යාග වවුචර් ලබාගැනීමට පාරිභෝගිකයන් හුරුව ඇතිබව වාර්තා වේ.