අපිව රවට්ටලා ඡන්දේ ගත්තා .

ගුරු සහායකයන් ලෙස කටයුතු කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා තව දුරටත් පැවැත්වෙයි.

තම රැකියා ස්ථිර කර දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර මැතිවරණ පොරොන්දු ලබා දී ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම නොසලකා හැර ඇති බවට එම පිරිස රජයට චෝදනා කරති .

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී එන ලෙස අධ්‍යාපන අමාත්‍ය, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි යන අයට විවෘත අභියෝගයක් කරන බවත් ඔවුන් පැවසූහ.