මෙරට රත්රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව අද රුපියල් 10,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත මගින් සනාත වෙයි.
ඒ අනුව, අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 305,200ක් දක්වා පහළ ගොස් ඇත . එය ඊයේ දිනයේ දී එය රු. 315,500ක් ලෙස වාර්තා විය .
මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 340,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 330,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.