පතිනායකට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්

පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කළ ලලිත් පතිනායක , විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනි .

කෙසේවෙතත් ඔහු තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කරන බව වාර්තා වේ .

මෙම ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇත .

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස් සංචාරයක නිරතව සිටීම නිසා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මේ වන විට වැඩ බලන පොලිස්පති ධුරයේද කටයුතු කරමින් සිටී .