අඩ අඳුරේ සංගීත නාදය අතරින් පෙර නොවූ විරූ චමත්කාර අත්දැකීමක මිහිර ගෙනෙන තිරය විවර කරමින් 2025 නත්තල් උත්සව සමය වෙනුවෙන් ODEL වේදිකාව සූදානම්කර (The Stage Is Set) තිබේ.
දිලිසෙන විදුලි පහන් එළි සමඟ නේක වර්ණ රාත්‍රීයේ ඔබව දිදුලන හැඟීම් දනවන හෘද ස්පන්දනය ගැන සිතන්න. ප්‍රීතිමත් නත්තල සහ උත්සව සමය වෙනුවෙන් සූදානම් වූ විලාසිතා ලොව අපූරු වෙනස විඳගන්න ODEL වෙත පියනගන්නැයි ලාංකික ඔබ සැමට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.
නත්තල-චමත්කාරයි. ODEL වෙත පැමිණ එය අත්විඳින්න
බැබළීමට උපන් – කාන්තා ඔබට
ODEL හි 2025 නත්තල් කාන්තා විලාසිතා එකතුව පෙර නොවූ විරූ නවතම විලාසිතාවන්ගෙන් සැඳුම්ලත්, ආකර්ශනය, විශ්වාසය සහ නිර්භීත බව මිශ්‍ර විලාසිතා එකතුවකි. අපගේ විලාසිතාවන්ගෙන් හැඩවන ඔබට අවධානයට ලක් නොවී සිටිය නොහැකි බව අපගේ විශ්වාසයයි.
ODEL සමඟින් හැඩවී ඔබට අනන්‍ය හැඟීමවලින් උද්දීපනය වී නටන්න, ගයන්න ජීවිතය විඳින්නැයි අපි ඇරයුම් කරමු. ODEL වෙතින් සැරසෙන ඔබ
වේදිකාවක වෛවර්ණ විදුලි ආලෝක මැද දීප්තිමත්වන්නකු මෙන් බබළනු ඇත.
උසස් තත්ත්වයේ සේද,දීප්තිමත් සැටින්, වේදිකා ආලෝකයට දිලිසෙන සීකුවින්ස් සමඟ රිද්මයට හැඩවන ඔබගේ මුළු විලාසිතාවම අවධානයට ලක් වනු ඇත. නිදහස් හැඟීම් ප්‍රකට කරවන විලාසිතා ආකර්ශනය මෙම උත්සව සමයේ සෑම විශේෂ අවස්ථාවකම ඔබ තරුවක් ලෙස දිදුලවයි.
ඔබ කැමතිම, ඔබගේ හැඟීම් ප්රකාශවන විලාසිතවන්ගෙන් ODEL ඔබව හැඩකරයි. සෑම මොහොතකම ඔබට සුවිශේෂී පෙනුමක් ලබා දෙයි. එය අන් අයට නොදැවිනි ආකර්ෂණීය බැල්මකට මග පාදනු ඇත.
පහසුවෙන් කුල්මත්වීමට කැමති පිරිමි ඔබට
නිහඬව ඇරඹෙන සංදර්ශනයක දී උවද, පිරිමි ඔබ තැනට ඔබින අගනා ඇඳුම් ආයිත්තම්වලින් හැඩ වී සියුම් ආකර්ශනය ලබනට කැමති ය. “අඩු නම් වැඩිය” (Less is more) යන කලාව ප්‍රගුණ කළ සම්භාව්‍ය රොක් නිරූපකයන්ගෙන් ආභාෂය ලැබූ එකතුවකින් යුතුව මෙවර උත්සව සමයේ දැඩි දීප්තියට වඩා ගැඹුරු ප්‍රෞඩත්වයකින් සුදිලිසෙන්නට ඔබට ODEL වේදිකාව සූදානම් කර තිබේ.
ජැකාර්ඩ්, හෙරින්ග්බෝන්, ට්විල් සහ සීර්සකර් වෙතින් කළු, සුදු සහ රතු පැහැති කැපුම් වලින් සමන්විත විලාසිතා මාලාවක් සූදානම්ය. නවීනත්වය කැටිවූ පොල්කා තිත් සහ සියුම් රේඛා කලා වලින් තවත් හැඩවන ඇඳුම් නිර්මාණ ඔබ වෙනුවෙන්මයි. සුපිරි තරුවක් ලෙස නිහඬ චමත්කාරය අත්විඳින්න ඔබට මෙය කදිම වේදිකාවකි.
ODEL වෙත පියනගන බොහෝ දෙනා කැමති පැණිරස නැවතුම (The Sweetest Encore) මෙවර තවත් පුළුල් රසවත් නත්තල් අත්දැකීමක් දක්වා වැඩි දියුණු වී ඇත.
සාම්ප්‍රදායික නත්තල් කේක්, මින්ස් පයි, බෲඩර්, යූල් ලොග්, මැකරෝන්, බ්‍රව්නි සහ අතින් සාදන ලද චොකලට් වල නවතම පරාසයක් – බොහෝ දෙනා ආදරය කරන Sweetest Encore හි ඔබ වෙනුවෙන් සූදානම් කර තිබේ.
ODEL නත්තල වෙනුවෙන් සෑමවිටම ඔබට පෙරලිකාර අනන්‍ය අත්දැකීමක් ලබා දෙනවා. එය සෑමවිටම නාට්‍යමය විචිත්‍රත්වයක් එක්කරන බව මට විශ්වාසයි.
වේදිකාව සූදානම් (‘The Stage Is Set’) යනු අපගේ මෙතෙක් පැවති නිර්භීතම සැමරුමක්. උත්සව සමයේ සාප්පු සවාරියේ යෙදෙන ඔබ අමන්දානයට පත්කරන ඇඳුම් ආයිත්තම් සහ විලාසිතා එකතුවකින් ODEL අපි ඔබව වේදිකාවට රැගෙන යනවා.
ඔබට පමණක් නොවෙයි, ඔබගේ නෑ හිත මිතුරන්ට ODEL ඇඳුම් තෑගි දීමෙන් ඔවුන් විඳින සතුට නිමක් නොවනු ඇති බව මට විශ්වාසයි. නත්තල සහ උත්සව සමයේ ඔබේ සතුට වෙනුවෙන් මේ සියල්ල අපි හදවතින්ම ඔබට තිලිණ කරන බව
සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ අධ්යක්ෂ අලෙවිකරණ ඩෙසිරී කරුණාරත්න පැවසුවාය.
ODEL පී.එල්.සී හි ප්‍රධාන විධායක නිලධාරී ටෙරී ඕ’කොනර් මහතා
ODEL වේදිකාව සූදානම් (‘The Stage Is Set’) අපගේ නත්තල් එකතුව නිර්මාණශීලීත්වයේ පිරිපුන් බව මනාව පිළිබිඹු කරයි. එය ODEL පුරා සිදුවන පුළුල් පරිවර්තනයක් සනිටුහන් කරන්නකි.
අපි අපගේ ODEL සන්නාමය මුවහත් කර, අපගේ පරිශ්‍රය පුළුල් කරමින් වඩාත් ආශ්වාදජනක බවක් දැනෙන පරිදි වැඩිදියුණු කර ඇත්තෙමු.
මේ නිසා මෙවර නත්තල් සමයේ ODEL සාප්පු සවාරියේ යෙදෙන, අප කෙරෙහි විශ්වාසය තහවුරු කළ ගනුදෙනුකාර ඔබ පුදුම කරන දීමනා සහ ත්‍යාගයන් ද නොඅඩුව ලබා දීමට අපි සූදානමින් සිටී.
ඇත්තටම ඔබට අනන්‍ය වූ ODEL සාප්පු සවාරි අත්දැකීම විඳගන්න අපි වේදිකාව සකසා ඇත්තෙමු. ODEL හි මෙම විශ්මය විඳගන්න ඔබටත් ආරාධනා කරනවා යැයි ටෙරී ඕ’කොනර් මහතා පැවසීය.