විදෙස් සංචිත පහළ බසී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිතවල අගයෙහි සුළු අඩුවීමක් 2025 ඔක්තෝබර් මාසය අවසානය වන විට දැක ගත හැක . ඔක්තෝබර් මාසය අවසානයේ දී රට සතු සමස්ත නිල සංචිත වත්කම් ඇස්තමේන්තුගත අගය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් විය.

2025 සැප්තැම්බර් අවසානයේ දී මෙම වත්කම්වල වටිනාකම වාර්තා වූයේ ඩොලර් මිලියන 6,244ක් ලෙස වාර්තා වූ අතර ඒ අනුව, සංචිතවල 0.4% කින් පහත වැටීමකට ලක්ව ඇත .