මාළිමා මන්ත්‍රිනියගේ පාතාල සබඳතා පොලිසිය හෙළිකරයි.

අනුරාධපුර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන, මන්ත්‍රීනි දිස්නා නෙරංජලා, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බව පොලීසිය පවසයි .

එමෙන්ම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් රජයේ විදුහල්පතිවරයාගේ දේපළ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බවද පොලිසිය පවසයි .

එහිදී අත් අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 185 යි මිලිග්‍රෑම් 400 ක බරකින් යුත් හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි . සිද්ධියට අදාළ සැකකරුවන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි .