වත්මන් රජය අයවැය පරතරය ක්‍රමානුකූලව අඩුකර ගැනීමට සමත් වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ, මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, රජය විසින් විශාල ලෙස පසුගිය වසර තුළ ණය ලබාගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවය.
කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මේ රජයට ණය ගැනීමට සිදුවෙලා තියෙන්නේ, බොහෝ දුරට දේශීය මූලාශ්‍රවලින්. ඒකට හේතුව අපි දන්නවා මේ ණය අර්බුදයත් එක්ක විදේශීය මූල්‍ය වෙළෙඳපොළට යෑමට හෝ ද්විපාර්ශ්වික ණය ගනුදෙනුකරුවන්ගෙන් ණය ලබාගැනීමට හැකියාව පවතින්නේ ඉතාමත් අවම මට්ටමක. ඒ වගේම බහුපාර්ශ්වීය ආයතන වුණත් ණය දෙන්නේ අර පෙරට වඩා අඩු ණය පහසුකම් තමා මේ වෙද්දි සැපයෙන්නේ. ඒ නිසා රජයට අනිවාර්යයෙන්ම අයවැය හිඟයක් පවතින තත්ත්වයක් තුළදී ණයගැනීමට සිද්ධ වෙනවා. මම දකින්නේ නෑ මේ රජය යටතේ විශාල ණය ගැනීමක් සිදුවෙලා තියෙනවා කියලා. ඒකට හේතුව තමා අයවැය පරතරය ක්‍රමානුකූලව පහත වැටිලා තියෙනවා. ඒ වගේම 2026 වසරට අදාළවත් රජයේ ණයගැනීමේ ඉලක්ක දිහා බැලුවහම ඒ ඉලක්ක තුළ පේන්නේ, ණයගැනීමේ ප්‍රමාණය පහත හෙළීමක් තමා වාර්තා වෙන්නේ…” ඔහු පැවසීය .