වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් සිසුවියක්ව බලහත්කාරයෙන් සිය නේවාසිකාගාරයේ රඳවා ගනිමින් අතවර කිරීමක් සිදුකර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව අගමැතිනී හරිනි අමරසූරිය පවසන්නීය .
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, වයඹ විශ්වවිද්‍යාලයේ කොරියානු රජයේ ආධාර යටතේ ඉදිකිරීම් සිදුකර ඇති තාක්ෂණවේදී ජාතික විද්‍යාපීඨය නිල වශයෙන් භාරදීමේ ජාතික උත්සවයට අද (03) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එමෙන්ම එම පරීක්ෂණ කටයුතු ඉතාම ස්වාධීනව හා අපක්ෂපාතීත්වයෙන් යුතුව කමිටුවක් මඟින් ක්‍රියත්මක වන බවත් ඇය වැඩි දුරටත් පැවසූවාය.