පන්සලක සිදුකළ පින්කමකදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පිළිබඳ විරෝධය දක්වමින් මෙහෙණින්වහන්සේ නමකට අසැබි වදනින් බැන තර්ජනය කළ පුද්ගලයන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත .
මෙම සිදුවීම 2025.11.02 වන දින රාත්‍රී කාලයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදී සිදුව ඇත. මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත . සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය .
මෙම සිදුවීමට අදාල වීඩියෝවක් මේ වන විට විශාල නැරඹුම වාර සංඛ්‍යාවක් සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.