සුළං බලාගාරයක ටර්බයිනයකට සවිකිරීම සඳහා මන්නාරමට ගෙන යමින් තිබූ, මීටර 76 ක් දිගැති සුළං පෙත්තක් පටවාගත් ට්රක් රථයක් අද (02) පස්වරුවේ අනතුරකට මුහුන දුන් බව වාර්තා වේ .
එම ට්රක් රථය ත්රිකුණාමල වරාය පිවිසුම් දොරටුව ආසන්නයේදී පෙරළී ගොස් ඇති අතර එම අනතුර හේතුවෙන් වරාය භූමියේ පිහිටි ගොඩනැගිලි කිහිපයකට අලාභ හානි සිදු ව ඇත. ටොන් 36 ක් පමණ බරකින් යුත් මෙම දැවැන්ත සුළං පෙත්ත, ට්රක් රථයකින් ප්රවාහනය කිරීමට සූදානම් කරද්දී මෙම අනතුර්ට සිදුව ඇත.