අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්රියාවකට අවතීර්ණ වීමට සුදානමින් සිටිනා වාර්තා වේ .
පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්රතිව්යුහ ගතකිරීම සම්බන්ධ කමිටු වර්තාවට විරෝධය පලකරමින් එහි සේවකයෝ මෙම වෘත්තීය ක්රියාමාර්ගය ගැනිමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි . එකී කමිටු වාර්තාව මේ වන විටත් පාර්ලිමේන්තුවේ අංශ ප්රධානීන් වෙත වැඩිදුර නිරීක්ෂණය සඳහා යොමු කර තිබේ.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 09 ක් පවතින අතර එහි 850ක පමණ සේවකයින් පිරිසක් සේවය කරති. එම සේවකයෝ මෙකී වාර්තාවට දැඩි විරෝධතාවක් දක්වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි .