මීට වසර 19 කට පමන පෙර එනම් 2006 වසරේ සිදු වු ගිනි අවි ආඥා පනතට යටත් වන සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය නිමල් ලංසා, මීගමු මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන බන්දුල නාඔටුන්න, හිටපු නගරාධිපති දයාන් ලන්සා ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ඔක්තෝබර් 26 වැනිදා කැඳවන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ අද නියෝග කළේය .
එම නඩුව අද දින පෙරවරුවේදී මීගමුව, ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් 21 දෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ විමර්ශන කඩිනම් කර නීතිපති උපදෙස් සඳහා නඩුව යොමු කරන ලෙසයි.
2006.03.08 වැනිදා රාත්‍රි 10.30ට පමණ කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ, ජෝසප් මයිකල් පේරේරා මාවතේ හිටපු උප නගරාධිපති සුනිල් සිල්වාගේ නිවසට ඇතුළු වී දේපල මංකොල්ලකෑම සහ අහසට වෙඩි තබා බිය් ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති අතර එම නඩුවට අදාලව හිටපු අමාත්‍ය නිමල් ලන්සා සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන දෙදෙනා පසුගිය සැප්තැම්බර් 28 වනදා අත් අඩංගුවට ගන්න ලදි . එම දෙදෙනාගේ අත තුවක්කු තිබූ බවට සාක්ෂි කරුවන් තිදෙනෙක් සාක්ෂි ලබා දීම මත, නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව එම දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.