”මහින්දත් එක්ක පොටෝ එකේ ඉන්නේ මම නෙමෙයි” – මාලිමා මන්ත්‍රිවරියගෙන් සටහනක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ විවාහ මංගල උත්සවයකදී, හිටපු ජනාධිපතිවරයා අසලට ගොස් දෑත් එක් කර සමාචාර කරන ඡායාරූපයක්, හිටපු ජනාධිපතිවරයාගේ ෆේස් බුක් පිටුවේ පළ කර ඇති අතර එම ඡායාරූපයේ සිටින්නේ තමන් නොවන බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටච්චි සඳහන් කරයි. තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව පවසන්නීය. මෙම චායාරූපය සංස්කරණය කරන ලද්දක් නම් තමන් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද මන්ත්‍රීවරිය සඳහන් කර තිබේ.

නිලන්ති කොච්ටච්චි මන්ත්‍රීවරිය තැබූ ෆේස් බුක් සටහන මෙසේය.

සමාජ මාධ්‍යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මා පෙනී සිටින ආකාරයේ දැක්වෙන ඡායාරූපයෙහි සිටින්නේ මා නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පිටුවෙහි සඳහන් එකී මංගල උත්සවයට මා සහභාගී නොවූ බවත්, එකී මංගල උත්සවයෙහි මා ආරාධිතයෙකු නොවන බවත් පාක්ෂිකයන් වෙනුවෙන් ලියා තබනෙමි.

යම් හෙයකින් මෙය සංස්කරණය කරන ලද්දක් වේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද මෙයින් දන්වා සිටිමි.

I am not the person in the photo circulating on social media of me appearing with Mr. Mahinda Rajapaksa, and I did not attend the wedding ceremony mentioned by Mr. Mahinda Rajapaksa’s official page. and that I was not a guest at that wedding ceremony…
I hereby inform you that legal action will be taken if this is in any way edited.