රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න ඊයේ උදයේ දංකොටුවේදි ස්මාර්ට් බස් නැවතුම්පොළක් විවෘත කර ඇතිබව වාර්තා වේ. දංකොටුව නගර සීමාව තුළ මෙවැනි බස් නැවතුම්පොළවල් 04ක් ඉදිකර තිබෙනවා.
දිවයින පුරා ‘ස්මාට් බස් නැවතුම්පොළවල්’ ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වනු ඇති.
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ දංකොටුව කොට්ඨාසය නියෝජනය කරන මන්ත්‍රී කේ. එල්. ඩෙනිස් ගැමුණුගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ හා දානපතියන්ගේ ධන පරිත්‍යායෙන් මෙම බස් නැවතුම්පොළ ඉදිකර ඇත.