සුමංගල හිමි සහ ලක්මාලී මන්ත්‍රීතුමියට නීති දෙකක්ද .

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල නාරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුවක් පිළිබඳ ව සිදුකළ අදහස් දැක්වීම පිළිබඳව මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්තී තෙන්නකෝන් සිය සමාජ මාධ්‍ය පිටුවෙ අදහස් දක්වා ඇත.

එම දෙපොළ විසින් අදහස් දක්වන නාරාහේන්පිට දාඹ‍රේ මාවතේ ඉඩම සම්බන්ධ ගැටළුව නිසා දැනටමත් පුද්ගලයින් 7 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බව රජිත් කීර්තී තෙන්නකෝන් පවසයි. මාර්ග සංවර්ධන අධිකාරිය සතු ඉඩමක අනවසරයෙන් පදිංචිව සිටි පුද්ගලයන් පිරිසක් ඉවත්කිරීම සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කිරිමට බාධා පැමිනවීම හේතුවෙන් එම පුද්ගලයන් හත් දෙනා මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇතිබව ඔහු පවසයි .

බේස්ලයින් පාර ඉදිකරන විට අවතැන් වූ පිරිසට නිවාස සාදා දී ඉතිරි වූ ‍ඉඩම් කොටස් 12 ක් ඇති බවත්, එහි අවතැන් වූ පවුල් 7 ක් පදිංචිව සිටී . මෙම පිරිස ඉවත් කිරීමට පැවරු නඩුවකට අදාලව අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුනි.

2024 අප්‍රේල් 6 හෝ ආසන්න ඊට දිනයක මේ නියෝගය ක්‍රියාත්මක කරන්නට බැකෝ යන්ත්‍ර රැගෙන උසාවි නිලධාරීන් පැමිණුනද ඊට ගම්වාසීන් ද, ගමේ පන්සලේ නායක හිමියන් වන පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් ද සිය විරෝධය පළ කර සිටියෝය. පිස්කල් නිලධාරියා මේ කරුණ අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් 21 දින විහාරාධිපති හා ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති උලපනේ සුමංගල හිමියන් ඇතුළු 7 දෙනෙකු පොලිස් අත් අඩංගුවටා පත්විය .

අත්අඩංගුවට පත් වූ පිරිස අතර හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන දේවිකා සහ සුනන්ද යන අයත් සිටි බවත්, සිදුවීමට අදාලව සුමංගල හිමියන් දින 4 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත ව සිටි අතර අනෙක් අය ඊට වැඩිය කලක් බන්ධනාගාර ගතව සිටි බ්ව ඔහු පවසයි . අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට එරෙහිව සාපරාධි බලහත්කාරය පැම සහ තවත් චෝදනා දෙකක් එම පිරිසට එල්ලව ඇති අතර එම නඩුව තවමත් විභාග වෙමින් පවතී .

සුමංගල හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් කළ ‘බලහත්කාරය සහ අනෙක් වරද’ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි සිදු කල බලහත්කාරයට වඩා වෙනස් දැයි අධිකරණය තීන්දු කරනු ඇති බවත් , ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය සිදු කළ ප්‍රකාශය දේශපාලන දෘෂ්ඨියකින් කරුණු දැක්වීමට තමා අකමැති බවත් ඔහු පවසයි .

කෙසේ වෙතත් ගෙවල් කැඩීමට පෙර එහි පදිංචිකරුවන්ට යන්න තැනක් දෙන්න කිව් චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතවූ, අදටත් නඩු කියන 7 ක් ඉන්නා බැවින්, නීතිය සැමට එක හා සමාන ලෙස ක්‍රියාත්මක නම් එක්කෝ ලක්මාලි මන්ත්‍රීතුමියටත් ඒ චෝදනාවම එල්ල විය යුතු නොවේදැයි ඔහු ප්‍රශ්ණ කරයි . එලෙස ලක්මාලී හෙමචන්ද්‍ර මන්ත්‍රී තුමියට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේනම් තම දායකයන් වෙනුවෙන් පෙනි සිටි සුමංගල හිමි සහ අනෙක් පිරිසට පවරා ඇති නඩුව ඉවත්කළ යුතු නොවේදැයෛ ඔහු විමසයි .

කෙසේ වෙතත් යුක්තිය සහ සාධාරණත්වය පැත්තෙන් මෙම කරුණ විමසීමේදී, ලක්මාලි-සුමංගල-දේවිකා-සුනන්දට එරෙහි නඩුව විමසන්නට පෙර මේ පවුල් 12කට ජීවත් වෙන්න තැනක් දිය යුතු නොවේදැයි ඔහු ප්‍රශ්ණ කරයි.