අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය චීන සංචාරය නිමා කරමින් අද (15) අලුයම දිවයිනට පැමිණියාය.
චීනයේ බීජිං හි පැවැති “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 11 වනදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියාය.
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගි විය .