ස්වාධීන රූපවාහිනී සේවයේ ප්රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදුකරනා ලද අපහාසයකට වන්දි ලෙස දින 14 ඇතුළත රු. මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් ස්වාධීන රූපවාහිනී සේවයට එන්තරවාසියක් යවා තිබෙනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් පවත්වනු ලැබූ පුවත්පත් සාකච්ඡාවක ඇතුලත් වූ අපහාසත්මක කරුණු පසුගිය ජනවාරි 09 වැනිදා පුවත් විකාශන මගින් ද, පසුගිය ජනවාරි 10 වැනිදා උදෑසන ‘පත්තරෙන් එහා’ වැඩසටහන සහ එහි නිවේදකයා විසින් සිදු කරන ප්‍රකාශ මගින් ද සිය කීර්ති නාමයට හානියක් සිදු වූ බවට එම එන්තරවාසියෙන් ඔහු පෙන්වා දී තිබේ.
සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී වැඩසටහනේ ‘අන්තර්ගත වචන, ප්‍රකාශන සහ පාඨ අසත්‍ය වන අතර, එම චවන, ප්‍රකාශණ සහ පාඨ එනයින්ම අපහාසාත්මක වන බවත්, (per se Defamatory) එසේම වක්‍රෝක්තියෙන් ද (By Innuendo) පැමිණිළිකරු කෙරෙහි අපහාසාත්මක වන බවත්, විත්තිකරු විසින් ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේදී වචන, පාඨ සහ ප්‍රකාශයන් ප්රකාශයන්ට පත් කරන ලද බව එන්තරවාසියේ දැක්වෙනවා.