අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිෂන් සභාව පූර්ණ ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු ප්‍රතිපාදන දූෂණ විරෝධී පනතේ ඇති බව එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි .
එහෙත් එම පනතේ ඇතැම් සංකල්ප තේරුම් ගැනීමට නොහැකිවීම විශාල ප්‍රශ්ණයක් බවත්, අවාසනාවකට මෙන් එම පනත සෑදූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එය තේරුම් ගත නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පවසයි .
” සමහර අය කථා කරන ඒවා දැක්කාම මෙවා හැදුවේ පාර්ලිමේන්තුවෙන්ද කියල හිතෙනවා. නීතිය නොදැන් සිටීම නිදහසට කරුනක් නොවේ කියලා කීවාට, මෙම නීතී සෑදූ අයවත් ඒව දන්නෙ නෑ කියලා කියන කථිකාව ඇතුලේ සමාජයට සන්නිවේදනය වන්නේ වැරදි දේවල් . එනිසා මේ බුද්ධිමය කථිකාවත ඉතා ඉහළින් ආරම්භ කළයුතුයි ” කොමසාරිස් වරයා පැවසීය.