පාර පනින්න ගිය කාන්තාවන් තිදෙනෙක් මෝටර් රියකට යටවී මරුට.

ගම්පොළ, දොළුව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ.

මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කළ එම කාන්තාවන් සිව්දෙනා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය. මෝටර් රියේ ගැටුන කාන්තාවන් සිව් දෙනාගෙන් තිදෙනෙක් එම ස්ථානයේදීම මියගොස් ඇත . බරපතල තුවාල ලත් තවත් එක් කාන්තාවක් රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.

මෙම කාන්තාවන් තිදෙනා ාසල විහාරස්ථානයක පෝදා ආගමික වැඩසටහනකට සහ බාගීවීමට පැමිණි අය බවත්, මාර්ගය හරහා යාමට උත්සහ ගැනීමේදී මෙම අනතුරට මුහුන දී ඇතිබවත් පොලිසිය පවසයි .

ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික වැඩසටහනකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.