ශ්‍රී ලංකාවේ එක්සත්ජනපද තානාපතිකාර්යාලය  English Access ශිෂ්‍යත්ව වැඩසටහන හරහා තරුණ තරුණියන් සවි බල ගැන්වීමේ වසර 20 සනිටුහන් කරයි

මේ වසරේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය English Access ශිෂ්‍යත්ව වැඩසටහනේ (Access) 20 වැනි සංවත්සරයසාඩම්බරයෙන් සනිටුහන් කරයි. එහි ආරම්භයේ සිටම  English Access ශිෂ්‍යත්ව වැඩසටහන (Access) 1,300 කට අධික ශ්‍රී ලාංකිකතරුණ තරුණියන් පිරිසක් ඉංග්‍රීසි භාෂා කුසලතාවයන්, නායකත්ව සංවර්ධනය සහ අන්තර් සංස්කෘතික සම්බන්ධතාවයන්ගෙන් සවිබලගන්වමින් ඔවුන්ගේ ජීවිත තුළ පරිවර්තනීය වෙනසක් ඇති කළ  නොමිළයේ  සිදුකරනු ලබන වැඩසටහනකි .

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2004 දී ගෝලීය වශයෙන් දියත් කරන ලද, Access වැඩසටහන මඟින්  ආර්ථිකඅපහසුතාවයන්ගෙන් පෙළෙන  වයස අවුරුදු 13 සිට 15 දක්වා සිසුන්ට ඉංග්‍රීසි භාෂා කුසලතා දියුණු කර ගැනීමේ සවිමත් පදනමක් සපයයි.  වසර දෙකක් පුරා, පැය 360 ක නොමිලේ උගන්වනු ලබන විෂයමාලාව හරහා, ශ්‍රී ලාංකික තරුණ පරපුර, නායකත්ව පුහුණුව, වෘත්තීයසංවර්ධන අවස්ථා සහ එක්සත් ජනපද සංස්කෘතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්  පිළිබඳව දැනුම ලබා ගනියි. මෙම Access වැඩසටහන්තුළින් ලබන අත්දැකීම්, වඩා හොඳ අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථා සඳහා දොරටු විවෘත කරන අතර එක්සත් ජනපදයේ අනාගතහුවමාරු සහ අධ්‍යයන වැඩසටහන් සඳහා තරඟ කිරීමටද සිසුන් සූදානම් කරනු ලබයි.

“ශ්‍රී ලංකාවේ English Access ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වන සංවත්සරය සැමරීම, අධ්‍යාපනය තුළින් තරුණයින් සවිබල ගැන්වීම සඳහාවන අපගේ නිරන්තර කැපවීම පිළිබඳ සාක්ෂියකි” යනුවෙන් එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. “මෙම වැඩසටහනඅත්‍යවශ්‍ය ඉංග්‍රීසි භාෂා කුසලතා පමණක් නොව නායකත්වය, වෘත්තීය සංවර්ධනය සහ අන්තර් සංස්කෘතික අවබෝධය ද පෝෂණයකරයි. ප්‍රජාවන් එකිනෙකා හා සම්බන්ධ කරමින්  සහ ආර්ථික අපහසුතා සහිත සිසුන් සඳහා අවස්ථා නිර්මාණය කිරීමෙන් සැමට වඩාදීප්තිමත්, සැවොම  ඇතුළත් අනාගතයක් සඳහා අපි ආයෝජනය කරන්නෙමු.”

Access වැඩසටහන සිසුන්ගේ ජීවිත පරිවර්තනය කරනු පමණක් නොව,ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීම ශක්තිමත් කරන අතර ගෝලීය Access ජාලයට සහ දිවයිනේ සෑම කොනකම සිටින අනෙකුත්  මිතුරන් හා සිසුන්ව  සම්බන්ධ කරනු ලබයි.  Access ගුරුවරුන්ට ඉහළමමට්ටමේ පුහුණුවක් ලැබෙන අතර ගෝලීය වෘත්තිකයන්ගේ ප්‍රජාවකට සම්බන්ධ වීමටද ,ජාතික සහ ජාත්‍යන්තර කලාපීය සම්මන්ත්‍රණවලටසහභාගී වීමේ අවස්ථාවද සළසා දෙනු ලබයි . මෙම වසර මුලදී, ශ්‍රී ලාංකික අධ්‍යාපනඥයින්, සම්බන්ධීකාරකවරුන් සහ ආදි ශිෂ්‍යයින් 34 දෙනෙකු නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 20 වැනි සංවත්සර කලාපීය සමුළුවට සම්බන්ධ වූහ.

“English Access ශිෂ්‍යත්ව වැඩසටහන, අප අධ්‍යාපන අවස්ථා පුළුල් කරන ආකාරය සහ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතරශක්තිමත් සබඳතා ගොඩනඟා ගන්නා ආකාරය පිළිබඳව පෙන්නුම් කරන  ප්‍රධාන අංගයක් වී ඇත” යනුවෙන් එක්සත් ජනපද තානාපතිකාර්යාලයේ මහජන සම්බන්ධතා  නිලධාරිණිය  වන  හයිඩි හට්න්බාක්  මහත්මිය පැවසුවාය. “ගැටුම් වලින් පසු නැවත ගොඩනඟන රටක, Access වැඩසටහන ඉංග්‍රීසි ඉගැන්වීමටත් ඔබ්බෙන් ඊට වඩා බොහෝ දේ සිදු කර ඇත-එය විවිධ පසුබිම්වලින් පැමිණෙන සිසුන් සහගුරුවරුන් එකට එක් කරමින්  ඔවුන් ගෝලීය ජාලයකට සම්බන්ධ කරයි.  ඒ සමගම ප්‍රජාවන් අතර අවබෝධය සහ සහයෝගීතාව වර්ධනයකරමින්, ඔවුන්ට අවැසි කුසලතා සහ විශ්වාසය ලබාදෙමින්  ඔවුන්ගේ සිහින හඹා යාමටද අවස්ථාව ලබා දෙයි.”

Access සැපයුම්කරුවන්, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධක භාෂාවක් ලෙස භාවිතා කරමින් විවිධ පසුබිම්වලින් පැමිණෙන සිසුන් සම්බන්ධ කිරීම පිළිබඳව අවධාරණය කර ඇත. මෙම බැඳීම් බොහෝ විට වාර්ගික හා ආගමික විවිධත්වයන් ඉක්මවා, ජීවිත කාලය පුරාම සම්බන්ධතාඇති කරයි. යාපනයේ Access වැඩසටහනෙහි ආදී ශිෂ්‍යාවක වන මතාංගි පැවසූ  පරිදි, “Access වැඩසටහන  මා, අන් අය සමඟසම්බන්ධ වන ආකාරය පරිවර්තනීය ලෙස වෙනස්  කළේය, විවිධ පසුබිම්වල පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට අවැසි විශ්වාසය, පැහැදිලිතාවයකින් සහ  ආත්ම විශ්වාසයකින් යුතුව කථා කිරීමට සහ ඉදිරිපත් කිරීමට ඇති කුසලතාවද  මට ලබා දුන්නේය.”

මෙම 20 වන සංවත්සර සන්ධිස්ථානය සනිටුහන් කරමින් යාපනය, ගාල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන ප්‍රදේශවලවත්මන් Access සිසුන් සහ ගුරුවරුන් 150 දෙනෙකු මහනුවර දී දින හතරක කඳවුරක් සඳහා එක්රැස් කරනු ඇත. මෙම අවස්ථාවටජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ අනුග්‍රහය ලත් විශේෂඥ ඉංග්‍රීසි භාෂා උපදේශකයන් විසින් මෙහෙයවන ප්‍රයෝගික වැඩමුළු, ප්‍රජා සේවාව්‍යාපෘතියක් සහ සිසුන්ගේ අද්විතීය අත්දැකීම් ප්‍රදර්ශනය කරන “සංස්කෘතික රාත්‍රියක් ”ද ඇතුළත් වේ.  ජුලී චන්ග් තානාපති තුමිය විශේෂආරාධිත අමුත්තකු ලෙස අනෙකුත් කථිකයන් සමඟ මෙම අවස්ථාවට එක්වනු ඇත.

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සිසුන් 56 දෙනෙකුගෙන් ආරම්භ වූ Access වැඩසටහන, දැන් එම වැඩසටහනේ විශාලතම ආදි ශිෂ්‍යකණ්ඩායම වන සිසුන් 185 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම සහිත  මහනුවර ඇතුළුව, දිවයින පුරා ස්ථාන 50කට අධික ප්‍රමාණයක ක්‍රියාත්මක වේ. එළඹෙන    2025-2027 කාලය සඳහා ,යාපනය, නුවරඑළිය, මඩකලපුව, අම්පාර, පුත්තලම සහ රත්නපුර ප්‍රදේශයන්හිපාසල් වලින්  මෙම වැඩසටහනට නවක සිසුන් 150 දෙනෙකු බඳවා ගනු ඇත.

ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි අන්තර් සංස්කෘතික සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යමින්,ඉංග්‍රීසි භාෂාව සහ නායකත්ව කුසලතාඅඛණ්ඩව වර්ධනය  කරමින් නොමිළයේ  පැවැත්වෙන  මෙම වැඩසටහන පිරිනැමීම පිළිබඳව  එක්සත් ජනපද තානාපති කාර්යාලය සහඑහි දේශීය Access හවුල්කරුවෝ ආඩම්බරයට පත් වෙති.