ලොහාන් රත්වත්තේ සහ බිරිඳට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (05) ඇප මත මුදාහැර තිබෙනවා.

රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කර තිබෙන අතර ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ රෂී ප්‍රභා රත්වත්තේට අයත් නිවසක තිබු නීති විරෝධීව එකලස් කරන ලද අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පිළිබඳව නඩුවට අදාළවයි.