රු.මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙක් වන මහින්ද ජයසිංහ ,වසන්ත සමරසිංහ සහ අමාලි කළුපහන ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය ඊයේ (06) නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ “නැෂනල් වර්කර්ස් කොංග්රස්” යන වෘත්තීය සමිතියේ නිලධාරි මණ්ඩලය ලෙස පෙනී සිටිමින්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර එම සමිතියට අදාළ දේපළක් වංචනික ලෙස බදු දීම හේතුවෙන්.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.
” වරෙන්තුවක් නිකුත් කළාට අපිව හිරේ යවන්න සිද්ධ වෙන්නේ නැහැ .. තව සති දෙකකින් අපේ ආණ්ඩුවක් කියලා තීන්දු දෙන අය මතක තියාගත්තොත් හොඳයි” යනුවෙනි.
අදාළ නඩුව ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවේ වෘත්තීය සමිති ආඥාපණත යටතේ ලි.ප. අංක 1041 යටතේ ලියාපදිංචි කර ඇති අදාළ වෘත්තීය සමිතිය පිළිබඳව කොළඹ වංචා විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව 2024 වසරේ ජනවාරි මස 26වනදා ගොනු කළ බී වාර්තාව සලකා බලමිනුයි.