හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක උස ස්ථානයක සිට පැරෂුටයකින් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු නමින් ජෝෂුවා බ්‍රෙග්මන්.
අඩි 18,753 ක් එනම් මීටර් 5,716ක උසින් පිහිටි කඳු මුදුනක සිට තමයි මේ පැනීම සිද්ධ කරලා තියෙන්නේ.
2019 වසරේදී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 එනම් අඩි 14,301ක වාර්තාව ඔහු අභිබවා ගොස් තිබෙනවා.
ඔවුන්ගේ පළමු පැනීමේ ස්ථානයේ පාෂාණමය බෑවුමක් තිබුණු නිසා ඔහුගේ පළමු උත්සාහය අසාර්ථක වී තිබෙනවා.
පසුව ඔවුන් හැකි ඉක්මනින් නැවත සුදුසු ස්ථානයක් සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
පුණ්‍ය කටයුතු සඳහා මුදල් එකතු කිරීමට සහ සෑම වසරකම ළමුන් දහස් ගණනක් ජාවාරම් කරන නේපාලයේ මිනිස් ජාවාරම් ගැටලුව පිළිබඳව දැනුවත් කිරීම සඳහායි ඔවුන් මෙම අභියෝගය භාර ගෙන ඇත්තේ.