බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය වන ෂෙයික් හසීනා සම්බන්ධයෙන් පසුගිය මාසයේ ඇතිවූ සිවිල් නොසන්සුන්තාවක් අතරතුරදී පොලිසිය විසින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඝාතන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඩකා අගනුවර සති ගණනාවක් තිස්සේ පැවති විරෝධතාවයෙන් පසුව පසුගිය රජයේ තවත් ඉහළ පෙළේ පුද්ගලයින් හය දෙනෙකුගෙන්ද විමර්ශන කටයුතු සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.
පුද්ගලික පුරවැසියෙකු වෙනුවෙන් නඩුව ඉදිරිපත් කළ නීතිඥ මාමුන් මියා (Mamun Mia) පැවසුවේ ඩකා අධිකරණය “චූදිතයින්ට එරෙහි මිනීමැරුම් නඩුව” භාර ගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇති බවයි.
ඒ අනුව බංග්ලාදේශ නීතිය යටතේ අපරාධ විමර්ශනයක පළමු පියවර මෙය වනවා.
හසීනා මහත්මිය ඉල්ලා අස්වී මේ මස මුලදී රට හැර ගියත් දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් රජය අස්ථාවර වීමෙන් පසුව ඉන්දියාවට පලා ගියා.
හසීනා මහත්මියට එරෙහිව සති කිහිපයක් ශිෂ්‍ය උද්ඝෝෂණවලින් 400කට වැඩි පිරිසක් මිය ගියා.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අණ පරිදි පොලිසිය විසින් වෙඩි තබා ඇති බවයි සඳහන් වන්නේ.
හිටපු ප්‍රවාහන හා පාලම් අමාත්‍ය ඔබයිදුල් ක්වාඩර් ද විමර්ශනයට ලක්ව සිටින අය අතර සිටිනවා.