දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැඩි තීරණයක

සේවය හැරයෑමක් ලෙස සලකන බවට නිකුත් කර ඇති නිවේදනයට අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ,ඔවුන් බිය නොවන බවත් ගෙදර සිටීමට වුවත් ඔවුන් සූදානම් බව හා මෙම මර්දනයට එරෙහිව හෙට දිනයේදී තවත් වෘත්තීය සමිති එකතු වන බවත්, දුම්රිය ස්ථානාධිපතිවරුන් එම නිවේදනවලට බිය නොවන බවයි.

එසේම මගී ජනතාවට සිදුවන අපහසුතාවය ගැන සලකා බලා බලධාරීන් විසඳුම් ලබාදිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළා.

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා සිදුකළ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තා කළ යුතු බවයි.