පක්ෂවලට බෙදෙන්නේ නැතිව ශක්තිමත්ව නැගිටිමු – නාමල්ගේ අලුත් සැලැස්ම

පක්ෂ බෙදා වෙන්කර අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙසේ පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවත් ඒ මහතා සඳහන් කළා.

2019 වසරේදී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් පක්ෂ බෙදීම නිසා සිදුවන්නෙ නියත මැතිවරණ පරාජයක් බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දෙනවා.

එසේම ඒ මහතා පවසන්නේ අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී යාම නිසා පක්ෂ සාමාජිකයන් සීසීකඩව සිටින බවයි.

මේ අවස්ථාවේදී කළ යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම බව නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.