ලංගම බසයක් මාර්ගයෙන් ඉවතට පනී -5ක් රෝහලේ

බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස්‍ රථයක් අද (6) උදෑසන හල්පේ ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුළට කඩා ගෙන යාමෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසනවා.

අනතුර වන අවස්ථාවේ බස්රථය තුළ මගින් 18කු පමණ සිට ඇති අතර ,සෙසු පිරිස තුවාල නොලබා ඇති බව පොලිසිය සඳහන් කළා.

අදාළ අනතුරින් බස්රථයට දැඩි අලාභහානි සිදු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!