අවසන් පූර්ව වටයට ස්පාඤ්ඤය සහ ප්‍රංශය – රොනාල්ඩෝ පාපන්දු පිටියෙන් සමුගනී

2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤ සහ ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.

ස්පාඤ්ඤය සත්කාරක ජර්මනිය පරාජය කළේ ගෝල 2කට 1ක් ලෙසිනුයි.

මේ අතර ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවති තරගයේ නියමිත කාලයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වුණා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය වුයේ දඬුවම් පහර මගින්.

එහිදී 5ට 3ක් ලෙස තරගය ජය ගැනීමට ප්‍රංශය සමත්වුණා.

මේ අතර පසුගිය දිනක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිල වශයෙන් තහවුරු කර සිටියේ යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ඔහු ක්‍රීඩා කරන ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගය මෙය වන බවයි.

මෙම තරගය සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අවසන් යුරෝපීය කුසලාන තරගය ලෙස සැලකෙනවා.

මේ වන තෙක් ඔහු යුරෝපා කුසලාන 06කට ක්‍රීඩා කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!