පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල්තබා ඇති හෙයින් සහ මේ දක්වා එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එසේම පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක් /කණ්ඩායමක්/අපේක්ෂකයෙක් ප්රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බවට හා ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ.(4)(අ)අනුව්‍යවස්ථාව අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් 2023.01.04 දිනැති අංක 2313/32 දරන විධාන ගැසට් පත්‍රය හා රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිත කිරීම වැළක්වීම සහ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ දී නිලධාරීන්,සේවකයන් බඳවා ගැනීම/උසස් කිරීම/ මාරු කිරීම සහ සීමා කිරීම සම්බන්ධයෙන් 2023.01.05 දිනැති අංක 20 දරන චක්‍රලේඛය මගින් මැතිවරණ කොමිෂන් සභාව නියෝග නිකුත් කර තිබෙන බවත් එහි සඳහන් වනවා.
මැතිවරණ නීති බලාත්මක බැවින් උක්ත ගැසට් නිවේදන හා චක්‍රලේඛ තවදුරටත් වලංගුව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ඒ අනුව මෙම කාල සීමාව තුළදී දේශපාලන පක්ෂ/ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් හෝ අගතියට පත්වන අයුරින් ක්‍රියා කිරීම විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරහ කිරීම සඳහා නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයන් එවැනි කාර්යයන් සඳහා යොදා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන ,මැතිවරණ පනත් හා චක්‍රලේඛ උල්ලංඝණය වන අයුරින් දඬුවම් ලැබිය හැකි වරදකි.
ඉදිරි ඡන්ද විමසීම් නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කොට ඇති විධාන හා චක්‍රලේඛවලට අනුගතව ක්‍රියාකරන මෙන් අදාළ සියලු පාර්ශ්ව වෙතින් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්,