මෙවර T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම ගමන් ආරම්භ කිරීමට සිටි බාබඩෝස් ග්‍රාන්ට්ලි ඇඩම්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වස දම ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ බෙරිල් සුළි කුණාටුව හේතුවෙන්.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දීය ක්‍රීඩකයින් තවමත් නවාතැන්ගෙන සිටින හෝටලයේම නතරවී සිටිනවා.
එහිදී රෝහිත් ප්රමුඛ ඉන්දීය කණ්ඩායම ඊයේ (01) වන විට බාබඩෝස් වෙරළට ආසන්න තරු පහේ හෝටලයක නැවතී සිටි අතර, ඒ ආසන්නයෙන් මෙම බෙරිල් සුළි කුණාටුව ගමන් ගන්නා බවට කාලගුණ අනාවැකි පළවුණා.
ඒ සමග ගුවන්තොටුපළ ඉරිදා(30) රාත්‍රියේ සිට වසා දමන බව බාබඩෝස් අගමැතිනී මියා මොට්ලි ප්‍රකාශ කර තිබුණා.
මේ හේතුවෙන් ගුවන්තොටුපළ යළි විවෘත කරන තුරු ඉන්දීය කණ්ඩායමට බාබඩෝස් හි නවතැන් ගැනීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.