ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රටවල් තුනක් විශේෂ සාකච්චාවක.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාවක් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් පැවැත්වෙයි. අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුර එම රටවල් මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් පැවැවීමට කටයුතු කළේය.

ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ප්‍රංශ මුදල් අමාත්‍ය බෘනෝ ලී මයිරි විසින් පැවැත්වූ මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහද සූම් තාක්ෂණය ඔස්සේ එක්විය.

ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සම්බන්ධීකරණය, ණය ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා ප්‍රතිකර්මයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉතා වැදගත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් එහිදී පැවසීය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *