වෙසක් පොහොය දිනය නිළ වශයෙන් පිළිගන්නා බවට වොෂින්ටන් DC නගරාධිපතිනි මියුරියල් බවුසර් මහත්මිය නිළ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළා.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත නගරාධිපතිනි මියුරියල් මහත්මිය මෙම නිළ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
“බුදු තෙමගුල සමරණ එම අති උතුම් වෙසක් දිනය වොෂින්ටන් තුළ නිළ දිනයක් වශයෙන් නගරාධිපතිනිය ලෙස මා ප්‍රකාශයට පත් කරමි” යනුවෙන් එතුමිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
නගරාධිපතිනි මියුරියල් මහත්මිය සහ ප්‍රධාන ලේකම් කිම්බර්ලි බැසෙට් වෙනුවෙන් ජාත්‍යන්තර කටයුතු අධ්යක්ෂ ඇන්තනි ඇන්ඩෲස් අදාළ නිළ වෙසක් නිවේදනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී තානාපති මහින්ද සමරසිංහ මහතාට බාරදුන්නා.
මීර අමතරව තානාපති සමරසිංහ මහතා හා සෙසු බෞද්ධ රටවල තානාපතිවරුන්ගේ ඉල්ලීමක් මත අමෙරිකානු ධවල මන්දිරයේදී දෙවන වරටත් එලඹෙන 23 දා වෙසක් නිළ සැමරුම උත්සවය පැවැත්වීමට නියමිතයි.
අමෙරිකාවේ අගනගරය ලෙස සැලකෙන වොෂින්ටනය තුළ වෙසක් පොහොය දිනය නිළ දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඔවුන් ලද විශාල භාග්‍යයක් ලෙස අමෙරිකාවේ වොෂින්ටනය තුළ වෙසෙන බෞද්ධ ජනතාව පවසනවා.