බන්ධනාගාර නිලධාරින් අසනීප නිවාඩු

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් අද සිට ලබන 22 වනදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බව වාර්තා වනවා.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවත් සඳහන් වනවා.