මුහුදුබඩ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

අද (14) පෙරවරුවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම නිසා, අත්හිටුවා තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මීට සුළු වේලාවකට පෙර යථා තත්වයට පත්කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පස්වරු 5.00න් පසුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති බයි වාර්තා වන්නේ.

පෙරවරු 10.00 ට පමණ සිදු වූ අදාළ පිලී පැනීම හේතුවෙන්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට පැය 6කට අධික කාලයක් බාධා ඇති වුණා.