මාලිමාව බලය ගත්තොත් වන දේ ගැන අනුර ම කියයි

අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැති වී ඇති බවත්, රටේ ජනතාවට වර්තමානයේ පවතින තත්ත්වයට වඩා යහපත් තත්වයක් ඇති කිරීම ඔවුන්ගේ එකම චේතනාව බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ජාතික ජන බලවේගය විසින් දේශපාලන බලය අත්කර ගැනීම යනු අවසානය නොව මේ රට ගොඩනැගීමේ ආරම්භය බවයි.

ඔහු මෙම අදහස් පල කළේ, ‘ගැහැණු අපි එක මිටට’ වැඩසටහන්, මාලාවේ කොළඹ දිස්ත්‍රික් සමුළුව හෝමාගම දී පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

“අපි පළමුකොටම අපේ රටේ පොදු ජනතාවගේ ආහාර අයිතිය සහතික කරනවා. කන්න නැතුව හදන එක රටකින් වැඩක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා ආර්ථිකය රැලි ගගහා පිමි ගගහා වර්ධනය වෙනවලු. නමුත් ජනතාවට කන්න නෑ. කන්න නැති ආර්ථිකයෙන් ඵලය මොකක්ද අපේ රටේ සාමාන්‍යයෙන් මසකට පරිභෝජනය කරන්නේ හාල් මෙට්‍රික් ටොන් 6500යි. මාසෙකට හාල් මෙට්‍රික් ටටොන් 1195,000යි. අවුරුද්දට හාල් මෙට්‍රික් ටොන් විසි තුන් ලක්ෂ හතලිස් දාහයි. ඒ සඳහා අපට සාමාන්‍යයෙන් වී තොග අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ තිස්පහයි. අපේ රටේ මහ කන්නෙයි යල යලකන්නේ හෙක්ටයාර් ලක්ෂ දහඅටක් පමණ වගා කරනවා. අපේ රටේ අවශ්‍යතාවයට වැඩි සහල් ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. අතිරික්තයකුත් තියෙනවා. නමුත් ගොවියට සාධාරණ මිලකට වී ටික විකුණ ගන්න බෑ පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ටික ගන්න බෑ. අපේ රටේ වී සහල් වෙළඳපොලේ විකෘතියක් තියෙනවා. අපේ රටේ වී වෙළඳපොලෙත් හාල් වෙළඳපොලෙත් ඒකාධිකාරියක් නිර්මාණය කර තිබෙනවා.ඔවුන් තමයි හැමදේම මිල තීරණය කරන්නේ. ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ සහල් ඒකාධිකාරිය අනිවාර්යෙන්ම බිඳ දමනවා.” යනුවෙන් සඳහන් කළා.